You are here: HomeHistory

History

වසර 119 කට පෙර කලවාන දුෂ්කර ගම්මානයක් විය. මං මාවත් පවා නොදියුණු මට්ටමක පැවතින.නමුත් ගම් වාසීහු තම දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කළහ. ඒහි ප්‍රතිඵලයක් ලෙස ළමුන්ට ලැබුන අගනා දායාදය වූයේ 1988 ජූනි 04 දා කලවාන ස්වභාෂා පාඨශාලාව බිහිවීමයි.

             ආරම්භයේදී වූයේ ළමුන් 29 දෙනෙක් සහ තාවකාලික ගොඩනැගිල්ලක් පමණි. රාමචන්ද්‍ර මහතා එහි ප්‍රධානාචාර්යවරයා විය.

පහසුකම් රහිත දිළිදු පාසලක් වූ එහි ජලය ලබා ගැනීමට ළික් පමණක් විය.

             නමුත් අද තත්ත්වය එදාට වඩා හත්පසින්ම වෙනස්ය. ළමුන් 2000කට වඩා ඉගෙනුම ලබන මෙහි ඇදුරු මඩුල්ල ගුරු භවතුන් 99දෙනකුගෙන් පමණ සමන්විතය.වර්ථමාන චිදුහල්පති පදවිය දරන්නේ සෝමදාස කොස්වත්ත මහතාය.

             ස්ථිර ගොඩනැගිලි 28ක් පමණ වන අතර අංග සම්පූර්ණ පුස්තකාලයක්, පරිගණක විද්‍යාගාරයක්, උසස් පෙළ හා සා.පෙළ විද්‍යාගාර, ක්ෂණික ඡායා පිටපත් යන්ත්‍ර, විදුලිය  නල ජලය හා අන්තර්ජාල පහසුකම්ද අද පහසුකම් අතර වේ

             කෙසේ වුවද, කලවාන ජාතික පාසල්  මවුනි ,

   ඔබ පැමිණි දුෂ්කර දිගු ගමනේ දී ,

                සුවහසක් සිසුන්ගේ දෙනෙත් පාදා,

                පැහැබර අනාගතයක්උදාකරදී ඇත.

   සදාදර චිදුහල් මවුනි ,

             ඔබ දිගුකල් දිනේවා !

               තවත් සුවහසක් සිසු දරු දැරියන්ගේ

                        ගුණ නුවණ පුබුදුවාලීම සදහා.........

 
 

R/Kalawana National School 
Kalawana , Rathnapura 
Tel - 0452255137
Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Copyright © 2013 Kalawana National School. All Rights Reserved
Powered By ICT Unit